Create questions and answers for an exam from this මිනිසාගේ දියුණුවත් සමඟ ම ප්‍රවාහනයට…
- User
Create questions and answers for an exam from this මිනිසාගේ දියුණුවත් සමඟ ම ප්‍රවාහනයට (Transportation) සමාජයේ විශේෂ ස්ථානයක් හිමි විය. අතීතයේ දී රිෂෝව, තිරික්කලය සහ අශ්ව කරත්තය ආදිය භාවිතයෙන් මිනිස් සහ සත්ත්ව ජවය භාවිත කොට ප්‍රවාහන කාර්යය පහසු කරගත්ත ද, වාෂ්ප එන්ජිම (Steam engine) නිර්මාණය කිරීමත් සමඟ ම ප්‍රවාහන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් ඇරඹිණි. එය ප්‍රවාහන තාක්ෂණවේදය (Transport technology) නම් වූ විෂයය බිහි වීමෙහි ලා මුලාරම්භය විය. පසු කාලීන ව, අභ්‍යන්තර දහන එන්ජිම (Internal combustion engine) නිපදවීම ප්‍රවාහන ක්ෂේත්රයේ විශාල පෙරළියක් ඇති කිරීමට සමත් වූ අතර, එය නවීන ස්වයංචල තාක්ෂණවේදය (Modern automobile technology) සඳහා මුල පිරීමක් විය.
මිනිසාගේ අවශ්‍යතා ක්‍රමයෙන් සංකීර්ණ වම ඊට සමගාමී ව ප්‍රවාහන අවශ්‍යතා ද වැඩි විය. එයට පිළියමක් ලෙස කාර්, වෑන්, ලොරි සහ බස් ආදී විවිධ ප්‍රභේදයේ මෝටර් රථ නිර්මාණය වීම ඇරඹිණි. ඒ අනුව, එදිනෙදා ගමන් බිමන්වල සිට කිලෝමීටර දහස් ගණනක් දුර ගෙවා රටවල් අතර බඩු තොග ප්‍රවාහනය කිරීම දක්වා වූ විවිධ ප්‍රවාහන කාර්යයන් සඳහා මෝටර් රථ භාවිතය අතිශයින් ප්‍රචලිත විය. මේ අයුරින් මෝටර් රථ ක්ෂේත්රයේ සිදු වූ සංවර්ධනයත් සමඟ ම මෝටර් රථවල ගමන් වේගය සහ ගෙනයා හැකි බර ප්‍රමාණය ද වැඩි වූ අතර, ඊට සරිලන පරිදි මාර්ග පද්ධති, පාලම්, ඉන්ධන සැපයුම්හල් ආදි නොයෙක් යටිතල පහසුකම්වල ද වර්ධනයක් ඇති විය.
Other models, same or similar prompt
Responses were produced in different, uncontrolled contexts (system prompts, settings, prior turns). This is not a benchmark.